17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

අදානී සමාගම සමග ගිවිසුම ගැන අධිකරණයෙන් තීරණයක්

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ සුළං විදුලි බල ව්‍යාපෘතියක් ගොඩනැගීම සඳහා ඉන්දියාවේ අදානී සමාගම සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් මැයි මස 23 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (16) නියෝග කර තිබේ.

ශ්‍රී ලංකා හරිත සංවිධානයේ සභාපති සංඛ චන්දිම අභයවර්ධන මෙම පෙත්සම ඉදිරිපත් කර  තිබේ.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු එම්.යූ.බී. කරලියද්ද ඉදිරියේ කැඳවනු ලැබුවා ය  .

එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැදගත් නඩුකර කිහිපයක් ලබන මාර්තු මස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත බවය.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 23 වන කැඳවන ලෙස නියම කෙරුණි.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles