ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුමකට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව දෙරටේ ප්‍රාණ ඇපකරුවන් අදියරෙන් අදියර නිදහස් කිරීමේ එකඟතාව මත මෙම තීරණයට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.
2023 වසරේ ඔක්තෝබර් මස 7 වනදා හමාස් සංවිධානය දකුණු ඊශ්‍රායලයට පහර එල්ල කිරීම මෙම යුද්ධයේ ආරම්භය වූ අතර එම ප්‍රහාරවලින් ඊශ්‍රායලය වැසියන් 1,200 ක් පමණ මියගිය බවයි වාර්තා වන්නේ.
නමුත් එම ප්‍රහාරයත් සමග ඊශ්‍රායලය ගාසා තීරයට දැවැන්ත ප්‍රහාරයක් දියත් කළ අතර ගතවූ මාස 15 ක කාලය තුළ මේ දක්වා පලස්තීනුවන් 46,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
(චම්ලි බලල්ල)