21.5 C
Sri Lanka
Monday, March 17, 2025

ආනයනික බහාලුම් නිදහස් කිරීමට කඩිනම් පියවර

ආනයනික බහාලුම් නිදහස් කිරීම අද (15) සිට කඩිනම් කර සාමාන්‍ය පරිදි සිදුකිරීමට හැකිවනු ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසා තිබේ.

ඒ අනුව දීර්ඝ සතිඅන්ත නිවාඩුව හේතුවෙන් බහාලුම් නියෝජිතයන් සහ ප්‍රවාහන රථ නියෝජිතයන් නිෂ්කාශන කටයුතු සඳහා සහභාගීවිම අවම වීම තුළ පසුගිය දින කිහිපය තුළ තදබදයක් නිර්මාණය වී තිබූ බවයි ඔහු සඳහන් කළේ.

පසුගිය ජනවාරි 12 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ සිරවී ඇති බහාලුම් කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන  බවය .

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles