16.8 C
Sri Lanka
Sunday, February 9, 2025

අද කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව  ය.

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත්   ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තරමක  තද වැසි ද බලාපොරොත්තු වේ.

මීට අමතරව  උතුරු, නැගෙනහිර, උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වලත් මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්  විටින් විට හමන පැ.කි.මී. 30-40ක  අතර තරමක තද සුළං ඇතිවිය හැකි  ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලයි.

මේ අතර නායයාම් සම්බන්ධව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් බදුල්ල, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල සහ මාතලේ දිස්ක්‍රික්ක වෙත නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

More news>>>

Latest Articles