17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ නිලධාරීන් කිහිපදෙනෙක් CIDයට

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ගේ   නම ඉදිරියේ ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩල නිලධාරීන් කිහිපදෙනෙකු අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

පාර්ලිමේන්තුවේ සභා ලේඛන කාර්යාලයේ උසස් නිලධාරියෙකු ඇතුළු කිහිපදෙනෙකුට එම කැඳවීම කර ඇති බවය.

මීට පෙර ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු කිහිප දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවට පැමිණ එහි නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකළේය.

කෙසේවෙතත් පාර්ලිමේන්තු ලේඛන කාර්යාලය සඳහන් කර ඇත්තේ  සභා නායක කාර්යාලයෙන් ලද ලිපියකට අනුව හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියේ ආචාර්ය පදවිය සඳහන් කළ බවය.

පසුගියදා අමාත්‍යවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකළ අතර ඊට අදාළ විමර්ශන ආරම්භ කරුණු ලැබීය.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles