පැවති පැරණි දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් පවතින බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසා තිබේ.
ඒ අනුව නාස්තිය, වංචා, දූෂණ හා මිනිසුන්ගේ සම්පත් අයුතු ලෙස පරිහරණය කිරීමක් වත්මන් ආණ්ඩුවෙන් සිදුනොවන බවයි ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
නමුත් පාලකයින් පමණක් වෙනස් වී රටක් සෑදීමට නොහැකි බවත්, හුඟක් පිරිසක් වෙනසට කැමති වුවත් ඔවුන් වෙනසට කැමති වන්නේ තමන් වෙනස් නොවී අනික් අය වෙනස් වනවාට බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
නමුත් එසේ කිරීමට නොහැකි බවත්, රටේ සියලු දෙනා වෙනස්වීමට ලක්විය යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ .
(චම්ලි බලල්ල)