පොහොර සහනාධාරය සඳහා මුදල් ලබාදීම මේ වනවිට 95%කින් අවසන් කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසා තිබේ.
එහි කොමසාරිස් ජනරාල් යූ. බී. රෝහණ රාජක්ෂ පවසා සිටියේ, ඒ අනුව මේ වනවිට රුපියල් මිලියන 16,369ක මුදලක් ලබාදී ඇති බවය.
පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වනදා වනවිට පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 9,889 මුදලක් ගොවීන් වෙත නිකුත් කර තිබුණි.
එමෙන්ම අද (15) දිනය වනවිට රුපියල් මිලියන 1,666 මුදලක් ලබාදීමට ද පියවර ගන්නා බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත.
අනුරාධපුරය, අම්පාර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට වැඩිම සහනාධාර මුදල් ලබාදී ඇති බවද ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ. බී. රෝහණ රාජක්ෂ වැඩිදුරටත් පැවසීය.
(චම්ලි බලල්ල)