කුඩා පරිමාණයේ සහල් මෝල් 160 ක් ස්ථාපිත කිරීමට වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය තීරණය කර තිබේ
එම එක් සහල් මෝලකින් දෛනිකව සහල් කිලෝග්‍රෑම් 5000 ක් නිෂ්පාදනයට හැකියාව ලැබෙනු ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන සඳහන් කළේ.
මෙම සහල් මෝල්, ක්‍රියාකාරී කාන්තා සංවිධානවලට ලබාදීමට නියමිත අතර, ඉන් අනතුරුව ඔවුන් විසින් ඒවායේ නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යන අතර කාන්තා ව්‍යවසායකයින් නගා සිටුවීමට ද මෙමගින් අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ .
(චම්ලි බලල්ල)