21.5 C
Sri Lanka
Monday, March 17, 2025

තෛපොංගල් දිනයට අගමැතිනියගෙන්ස සුබ පැතුම්

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබේ.

ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර ඇත.

ප්‍රතිපත්තිමය වෙනසක් මෙන්ම ආකල්පමය වෙනසක් ද ඇති කරමින් පුනරුද යුගයක් කරා රට ගෙනයෑමේ දැවැන්ත මෙන්ම භාරදූර වගකීම අප හමුවේ තිබෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සඳහන් කර  තිබේ .

එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංග උදෙසා දමිළ ජනප්‍රජාව විසින් සෑම වසරකම ජනවාරි මාසයේ සැමරෙන තෛපොංගල් උත්සවය සැබෑ සංස්කෘතික වටිනාකම් කියාපාන්නක්.

මූලික අවදියේ සිට අස්වනු නෙලීම දක්වා වූ කෘෂිකාර්මික කටයුතුවලට හිරු දෙවියන්ගෙන් ඇතුළු සොබාදහමින් ලද ශක්තිය වෙනුවෙන් පෙරලා සොබාදහමට කෘතගුණ දැක්වීම මේ මංගල්‍යයේ මූලික අරමුණක් බව ද එහි සඳහන් කර තිබේ.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය නිකුත් කළ තෛපොංගල් දින පණිවුඩය,

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles