17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාත්මක මොහොතක තෛපොංගල් සැමරීම සතුටක් -ජනපති

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබේ.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.

මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව, සහජීවනය වර්ධනය කරමින් සමාජයීය ප්‍රගමනය තහවුරු කිරීමට පරිවර්තනීය මුලපිරීමක් ලෙසත්, පාරිසරික මෙන්ම ආචාර ධාර්මික නව දිශාගත වීමක් ලෙසත් “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති මොහොතක තෛපොංගල් උත්සවය සමරනු ලැබීම සතුටට කරුණක් බව  ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත.

ඓතිහාසිකව ගොඬනැඟුණු ආසියානු වටිනාකම්වල මිනිසා හා පරිසරය අතර බැඳුම අවියෝජනීය එකකි. තෛපොංගල් දිනයෙන් ප්‍රකාශිත එම වටිනාකම් මේ ව්‍යාපෘතියේ සමෝධානිත බව ද එහි සඳහන්ව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක නිකුත් කළ තෛපොංගල් දින පණිවුඩය,

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles