23.7 C
Sri Lanka
Sunday, March 16, 2025

ඩිජිටල් ID එක මේ මාසයේ සිට නිකුත් කිරීමට බලාපොරොත්තුවක්

ඩිජිටල් හැඳුනුම්පත මේ මාසයේ සිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසා තිබේ.

අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්   නියෝජ්‍ය  අමාත්‍යවරයා   සඳහන් කළේ, අලුතින් ලබාදෙන සියලුම හැඳුනුම්පත් ඩිජිටල් කිරීමට බලාපොරොත්තු වන බව  ය.

මේ වනවිටත් හැඳුනුම්පත් ලබාගැනීමේ විශාල පරක්කුවක් පවතින බැවින් එය අවම කිරීමට මේ තුළින් කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.

එමෙන්ම ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය සකස් කිරීමට රු බිලියන 20ක් වැනි පිරිවැයක් දැරීමට සිදුවන බැවින් ඉන් අඩක් හෝ ඉන්දීය ආධාර යටතේ ලබාගැනීමට තීරණය කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles