21.5 C
Sri Lanka
Monday, March 17, 2025

අද කාලගුණය

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද(11) නිවේදනය කළේ  නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව,මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්  විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ය.

ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථාන වලට මි.මි. 50ට වැඩි තරමක තද වැසි ද බලාපොරොත්තු වේ.

උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක්  ඇතිවිය හැක.  .

සෙසු ප්‍රදේශවල  සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මීට අමතරව  උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්මාතර, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්  විටින් විට පැ.කි.මී. 30-40ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි  ය.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලයි.

More news>>>

Latest Articles