ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සංචිත නම්කිරීමට ලබාදී තිබු කාලය ඊයෙන් අවසන් වුණි.
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 19 වැනිදා සිට මාර්තු 9 වෙනිදා දක්වා පාකිස්තානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වීමට නියමිතව තිබේ.
තරගාවලිය වෙනුවෙන් බංග්ලාදේශය සිය සංචිතය ඊයේ (12) නම් කර ඇත.
නජ්මුල් හොසේන් ෂැන්ටෝගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ සංචිතයට ලීටන් දාස් නම් කර නොමැති අතර ඔහු අවසන්වරට ක්‍රීඩාකළ එක්දින ඉනිම් 13දීම එක් අර්ධ ශතකයක් හෝ වාර්තා කිරීමට සමත්නොවීම නිසා ය.
(මානෙල් රත්නායක)