23.7 C
Sri Lanka
Sunday, March 16, 2025

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් ව ඇත්තේ කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කි.මී 50-60 දක්වා වැඩිවිය හැකි බව ය.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බවත් එහි සඳහන් වේ.

මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව එම නිවේදනය මගින් දන්වා තිබේ.

More news>>>

Latest Articles