21.5 C
Sri Lanka
Monday, March 17, 2025

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වෙයි

කළුතර දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරයෙකු සහ මන්ත්‍රීවරයෙකු වූ ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වී තිබේ.

ඊයේ (11) රාත්‍රියේ ඔහු මියගොස් ඇති අතර මිය යන විට  98 වියේ පසුවිය.

මල්කාන්ති ගුණසේකරගේ දයාබර සැමියා වූ  ඔහු   තිදරු පියෙකි.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් 1977 වසරේ පාර්ලිමේන්තුවට පිවිසි  ඔහු   1993 දක්වා වසර 17ක් පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

කළුතර දිසා අමාත්‍ය, පොල් කර්මාන්ත හා භෝග විවිධාංගීකරණ අමාත්‍ය යන තනතුරු ඔහු විසින් දරා ඇත.

මෙරට දේශපාලනයේ දැනට ජීවත්ව සිටි වයෝවෘද්ධම දේශපානඥයා වශයෙන් සැලකූ  ඔහු  1948 වසරේ පැවැති කුඹුකපන්තුව ගම් කාර්ය සභාවේ මැතිවරණයෙන් හේනේගම කොට්ඨාසයේ ගම්කාර්ය සභික ධුරයට නිතරගයෙන් පත්වෙමින් සිය දේශපාලන ගමන් මග ආරම්භ කළේය.

එම කාල පරාසය තුළ මන්ත්‍රීවරයෙකු, අමාත්‍යවරයෙකු වශයෙන් හොරණ බල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු විෂයෙහි ප්‍රබල දායකත්වයක් ද ලබා දෙනු ලැබීය.

පොකුණුවිට ජන සෙත පදනම ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් දියත් කර ඇති  ඔහු   හොරණ රාජකීය විද්‍යාලයේ නිර්මාතෘවරයාද වන්නේය.

දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර හෙට (13) රාත්‍රියේ සිට හේනේගම පොකුණුවිට ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතය.

අවසන් කටයුතු එළැඹෙන බදාදා (15) දා පොකුණුවිට, හේනේගම ජනසෙත පදනම ක්‍රීඩාංගනයේදී සිදු කිරීමට නියමිතය‍.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles