මෙරට කාන්තා දේශපාලනඥයන් සහ දේශපාලන ක්‍රියාකාරිනියන් සමාජ මාධ්‍ය ඔස්සේ අපහසුතාවට ලක්කරන පුද්ගලයන් පිළිබඳ විමර්ශන පුළුල් කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
“කාන්තාවන්ට එරෙහි සියලු වර්ගයේ විෂමතා නාශනය” පිළිබඳ සම්මතයට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති බව පෙන්වා දෙන මානව හිමිකම් කොමිසම පවසන්නේ එමගින් මෙරට රජය රටේ කාන්තාවන් මුහුණ දෙන සියලු වර්ගයේ ප්‍රචණ්ඩ ක්‍රියාවන් සහ අන්තර්ජාලය මගින් සිදුකරන අනුචිත ක්‍රියාවන් වැළැක්වීම රජයේ වගකීමක් බව ය.
පසුගිය වසරේ සම්මත වුණු කාන්තා බලගැන්වීමේ පනත ප්‍රකාරව අන්තර්ජාලය මගින් කාන්තාවන්ට සිදුකරන අපහාසයන් හා අසාධාරණ ක්‍රියාවන් මැඩපැවැත්වීමට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට එරෙහි විෂමතා දුරැලීමේ ජාතික කමිටුව මගින් ද ශ්‍රී ලංකාවේ තත්ත්වය සමාලෝචනයක් සිදුකර ඇත.
(ජනක බලල්ල)