කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද(11) නිවේදනය කළේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක වැසි ඇති විය හැකි බව ය.
උතුරු, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලද, පොළොන්නරුව දිස්ත්‍රික්කයේද විටින් විට වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථාන වලට මි.මි. 100ට වැඩි තරමක තද වැසි ද බලාපොරොත්තු වේ.
තවද, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.
මීට අමතරව උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 30-40ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි ය.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි ය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලයි.