17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

ශ්‍රී ලංකාව  හා නවසීලන්තය අතර ඕක්ලන්ඩ්හිදී අද (11) පැවැත්වෙන තෙවන හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කර ඇත.

දිවාරාත්‍රී තරගයක් ලෙසින් මෙම තරගය ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයටද කිසිදු වෙනස් කමකින් තොරවා ක්‍රීඩාකරනු ලබයි.

නමුත් නවසීලන්ත කණ්ඩායමේ එක් වෙනසක් සිදුකර ඇති අතර  ඒ අනුව ජාකොබ් ඩෆී වෙනුවට මයිකල් බ්‍රැස්වෙල් කැඳවා ඇත.

මෙම තරගාවලියේ පළමු තරග දෙකම ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් දැනටමත් තරගාවලියේ ජය තහවුරු කරගෙන  ඇත  .

More news>>>

Latest Articles