20.7 C
Sri Lanka
Friday, January 24, 2025

ඇමරිකාව වසන ලැව් ගිනි පාලනයෙන් ගිලිහෙයි

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ඇති වූ ළැව් ගින්න මේ වනවිට හොලිවුඩ් කඳුකර ප්‍රදේශය දක්වා පැතිරී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව හොලිවුඩ් කඳුකරයේ ගින්න වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එය පාලනය කිරීමට ඇති හැකියාව අවම මට්ටමකට පත්ව ඇති බවයි සඳහන් කර තිබේ.

ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ වඩාත් විනාශකාරී ළැව් ගින්න ලෙසින් මෙය සැලකෙන අතර,

මේ වන විට මරණ 6 ක් වාර්තාවී ඇති බවද සඳහන් කර ඇත.

දැඩි සුළං තත්ත්වය මැද පසුගිය අඟහරුවාදා දිනයේ සිට මෙලෙස ලැව් ගින්න පැතිර යමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles