16.8 C
Sri Lanka
Sunday, February 9, 2025

භාණ්ඩාගාර බිල්පත් නිකුතු වෙන්දේසියක් ලබන 15

රුපියල් මිලියන එක්ලක්ෂ හත් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුතු වෙන්දේසියක් ලබන 15 වනදා පැවැත්වෙන බව වාර්තා කර ඇත.

දින 91 ක් කල්පිරෙන රුපියල් මිලියන 32,000 ක භාණ්ඩාගාර බිල්පත් , දින 182 න් කල්පිරෙන රුපියල් මිලියන 35,000 ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල්පිරෙන රුපියල් මිලියන 40,000 ක භාණ්ඩාරගාර බිල්පත් මෙදින වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

එමෙන්ම මෙම භාණ්ඩාගාර බිල්පත් සඳහා ගෙවීම් ලබන  17 වනදා සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles