23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

විස්සයි20 යොවුන් කාන්තා ලෝක කුසලානයට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය

මැලේසියාවේ පැවැත්වීමට නියමිත අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (10) ප්‍රකාශයට පත් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරාගෙන ඇත.

එහි කණ්ඩායම් නායිකාව ලෙස මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදි නානායක්කාර කටයුතු කරන අතර, මාතර අනුර විදුහලේ රශ්මිකා සෙව්වන්දිට උපනායකත්වය හිමිව ඇත.

කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ජනවාරි 18වනදා ආරම්භ වේ.

ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන 11වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

කාණ්ඩ 4ක් යටතේ පැවැත්මෙන මෙම තරගාවලියේ මූලික වටයේ A කාණ්ඩයෙන් ක්‍රීඩාකරන ශ්‍රී ලංකාව එහිදී මැලේසියාව, බ.ඉ. කොදෙව් සහ ඉන්දියාව සමගින් ක්‍රීඩාකරනු ලබයි.

තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය

(මානෙල් රත්නායක)

More news>>>

Latest Articles