17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

වරාය අධිකාරියේ බහාලු පර්යන්තයේ වාර්තාගත වර්ධනයක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහාලු පර්යන්ත පසුගිය වසරේ දෙසැම්බර් 31 වන විට  වාර්තාගත වර්ධනයක් අත්පත් කරගෙන තිබේ.

කොළඹ වරාය කලාපයේ ප්‍රමුඛ සමුද්‍ර හා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමේ වැදගත්කමද ඉන් තවදුරටත් ඉස්මතු වන බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසා ඇත.

පසුගිය වසරේදී බහාලු මිලියන 2.4කට අධික ප්‍රමාණයක් හසුරුවා ඇති බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසා තිබේ.

2023 වසරේ දී බහාලුම් මිලියන 1.9ක අධික ප්‍රමාණයක් හසුරුවා ඇති බවය .

ඒ අනුව පසුගිය වසරේදී එය 23%ක කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන  තිබේ  .

නැගෙනහිර බහාලු පර්යන්තය දිගින් මීටර 400 ඉක්මවා  තිබේ .

බහාලුම් විසිතුන් දහසකට වඩා රැගෙන යා හැකි නැව් ඇතුළු ලොව විශාලතම නෞකා හැසිරවීමටත් ඊට හැකියාව පවතින බව වරාය අධිකාරිය සඳහන් කර ඇත.

සමස්ත කොලඹ වරාය පසුගිය වසරේදී බහාලු මිලියන 7.7ක් හසුරුවමින් එහි ප්‍රශස්ත මට්ටම අත්කර ගෙන  තිබේ  .

2026 වසර වන විට සමස්ත කොළඹ වරායේ ධාරිතාව බහාලු මිලියන 15 දක්වා වර්ධනය කිරීමට හැකිවනු ඇති බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles