21.5 C
Sri Lanka
Monday, March 17, 2025

ඩයනා ගමගේට එරෙහි නඩුව මාර්තු 05 කැඳවීමට නියෝග

කූට ලේඛන ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන චෝදනා පත්‍රය කොළඹ මහාධිකරණය හමුවේ කියවා තිබේ.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම චෝදනා කියවාදීම සිදුකර ඇති අතර, ඉන් අනතුරුව එම චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව විත්තිකාර ඩයනා ගමගේ විසින් සඳහන් කර ඇත.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මූලික විරෝධතා මතු කරමින්, මෙම නඩුවට පාදක වන ලියවිල්ල සකස් කොට ඇත්තේ 2003 වසරේ දී බවට සඳහන් කර තිබේ.

එහෙත් ඊට අදාළව නඩු පවරනු ලැබුවේ 2024 වසරේ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, ඒ අනුව වසර 20 කට වැඩි කාලයක් ගතවී ඇති හෙයින් අදාළ ලියවිල්ල සම්බන්ධයෙන් නඩු පැවරීමට නීතිමය හැකියාවක් නොමැති බවට කරුණු ඉදිරිපත් කර තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම කරුණ නඩු විභාගයේදී සලකා බලන බවට සඳහන් කළ අතර, නඩුව මාර්තු මස 05 වනදා විභාගයට ගැනීමට නියෝග කර  ඇත .

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles