17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

තරුණයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්

බන්ධනාගාරයට රැගෙන ගිය ආහාර බඳුනක ව්‍යාජ පතුලක හෙරොයින් ග්‍රෑම් 25කට අධික ප්‍රමාණයක් සඟවා රැගෙන යාමේ චෝදනාවට වරදකරු කෙරුණු 26 හැවිරිදි තරුණයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් අද (10) නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

මෙසේ දඬුවම් නියම වූණේ 26 හැවිරිදි අවිවාහක තරුණයකුවන දේව රාජා ලෝරන්ස් නමැත්තෙකුටය.

2019 වසරේ දෙසැම්බර් මස 04 වනදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි සිය මිත්‍රයෙකුට ආහාර රැගෙන ගිය බාල්දියේ ව්‍යාජ පතුලක හෙරොයින් ග්‍රෑම් 25.09ක් සඟවා බන්ධනාගාරය තුළට රැගෙන ගිය අවස්ථාවේදී බන්ධනාගාර බුද්ධි අංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන් අනතුරුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබූ අතර, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයා තීන්දු කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර තිබෙන බව ය.

ඒ අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන බවට විනිසුරුවරයා නියෝග කළේය.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles