21.5 C
Sri Lanka
Monday, March 17, 2025

ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙලක්‌

ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ දිගුකාලීන වැඩපිළිවෙළ ආරම්භ කර ඇතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ඊයේ (09) පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.

විපක්ෂය විසින් ගෙනා සභාව කල්තබන අවස්ථාවේ විවාදයට වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ.

වංචනිකයින් සහ දූෂිතයින් ඇල්ලීමේ ආයතනික ක්‍රියාවලිය සිදුවෙමින් පවතින බවත් ඒ අනුව ඉදිරියේදි වැරදිකරුවන්ට එරෙහිව විධිමත් ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් වැඩිදුරටත්  සඳහන්  කර තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ආර්ථිකය යථාතත්වයට පත්කිරීමට ක්‍රමානුකූලව රජය කටයුතු කරමින් සිටින බව ය.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles