23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

වී මිලදී ගැනීමට සහනදායී ණය ක්‍රමයක්

මහ කන්නයේ වී අස්වනු මිලදීගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොළී අනුපාතයක් යටතේ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව පවසා තිබේ.

ඒ අනුව වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2024/2025 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම මෙම ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කර ඇති බව ය.

මෙහි ඉලක්කගත කණ්ඩායම් වනුයේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාවය මෙ.ටො. 25 කට යටත්වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති බවද සඳහන් කර තිබේ.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියකුට හෝ සමූපකාර සමිතියකට රු.මි. 50 ක උපරිම ණය මුදලක් 7% ක වාර්ෂික පොළී අනුපාතයක් යටතේ ලබාගැනීමේ හැකියාව ඇත.

මේ සම්බන්ධයෙන් වන නිවේදනය පහතින්.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles