මහාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (09) පෙරවරුවේ දිවුරුම් දුන්හ.
ඒ අනුව නීතිඥ කේ. එම්. එස්. දිසානායක සහ නීතිඥ ආර්. පී. හෙට්ටිආරච්චි යන අය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මෙම අවස්ථාවට එක්ව සිටියේය.
(චම්ලි මදුහංස)