20 C
Sri Lanka
Friday, January 24, 2025

සහල් ආනයනය කාලය හෙටින් අවසන්

සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ට ලබා දී තිබෙන අවසර කාලය හෙට (10) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් බව වෙළඳ අමාත්‍යාංශය පවසා තිබේ.

සහල් හිඟයට විසදුමක් වශයෙන් රජය පසුගිය 4 දා සිට පෞද්ගලික අංශයටත් සහල් ආනයනය කිරීමට අවසර ලබා දුන් අතර, ඒ අනුව ආනයනකරුවන් ඊයේ (8) වනවිට සහල් මෙට්‍රික් ටොන් 115000 ක් පමණ  ආනයනය කර තිබේ  .

කෙසේ වෙතත්  කාලය අවසන් වීමට සතියකට  පෙර සිටම සහල් ආනයනය කිරීම නතර කළ බව ආනයනකාරුවෝ පැවසූහ.

රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව ද සහල් මෙට්‍රික් ටොන් 980 ක් ආනයනය කර තිබූ අතර තවත් මෙට්‍රික් ටොන් 5200  ආනයනය කිරීමට කටයුතු යොදා තිබුණි.

(චම්ලි මදුහංස)

More news>>>

Latest Articles