20 C
Sri Lanka
Friday, January 24, 2025

දුම්රිය ස්ථානාධිපතිවරු වැඩ වර්ජනයකට සැරසෙයි

දුම්රිය ස්ථානාධිපති බඳවා ගැනීම් පටිපාටිය අනුමත කිරීම සහ වසර පහෙන් පහට උසස්වීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තව දුරටත් ප්‍රමාද කළහොත් වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළැඹීමට සිදුවන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් ආර්.එම්.එස්.පී. ජයසුන්දර පවසා තිබේ.


මේ බව ඔහු දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී ඇති මෙම කාර්යය දිගින් දිගටම ප්‍රමාද කිරීමෙන් දුම්රිය ස්ථානාධිපතිවරු දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර ඇත.

ඉදිරි දින 14 තුළ විසඳුමක් නොලැබුණහොත් වෘත්තිය ක්‍රියා මාර්ගයකට එළැඹීමට සිදුවන බවයි අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

(චම්ලි මදුහංස)

More news>>>

Latest Articles