20 C
Sri Lanka
Friday, January 24, 2025

ලබන වසරේ සිට විභාග කාලසටහන සාමාන්‍ය පරිදි

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන විභාග සැලැස්ම ලබන වසරේ සිට පෙර පැවැති පරිදි සාමාන්‍ය තත්ත්වයට පත් කරගැනීමට හැකි බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසා තිබේ.

ඒ අනුව 2026 වර්ෂයේ සිට පෙර පැවැති පරිදි සාමාන්‍ය ආකාරයට විභාග පැවැත්විය හැකි අතර, කොවිඩ් ආරම්භයට පෙර පැවැති ආකාරයට විභාග නිසි කාලය තුළ සිදුකිරීමට හැකි බවයි අගමැතිවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ පැනයකටට පිළිතුරු දෙමින් අගමැතිවරිය මේ බව  පවසා තිබේ.  

(චම්ලි මදුහංස)

More news>>>

Latest Articles