රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසා ඇත.
අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා මේ වනවිටත් මූලික අධ්‍යයනයන් ආරම්භ කර ඇති බව ය.
වෘත්තීය සමිති ඉල්ලීම්, ඇතැම් රජයන් විසින් ගත් විවිධ තීරණ හේතුවෙන් රාජ්‍ය සේවකයින්ගේ එක් එක් ශ්‍රේණි අතර දැඩි වැටුප් විෂමතාවක් නිර්මාණය වී ඇති බව ඔහු පෙන්වා දුන්නා.
අමාත්‍යවරයා පැවසුවේ, ඇතැම් රාජ්‍ය සේවක වැටුප් විෂමතාවන් 1992 වසරේ සිට හටගෙන ඇති බව ය.
මෙවැනි තත්ත්වයක් යටතේ රාජ්‍ය සේවකයින්ට අසාධරණයක් නොවන පරිදි වැටුප් විශමතා ඉවත් කිරීම දැඩි සංකීර්ණ තත්වයක් බව ද මහාචාර්ය චන්දන අබේරත්න ප්‍රකාශ කර ඇත.
මෙම ගැටලුව විසඳීම සඳහා මුදල් අමාත්‍යංශය සමග ද මේ වනවිට සාකච්ඡා කිහිපයක් පවත්වා තිබේ.
(චම්ලි මදුහංස)