77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසා ඇත.
අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ, ඒ අනුව උළෙලට සහභාගිවන ආරාධිත අමුත්තන් සංඛ්‍යාව 3000 සිට 1600 දක්වා අඩු කරන බව ය.
මෙවර උළෙලේදී ජනාධිපති උත්තමාචාර ආචාර වෙඩිමුර 21ක් පිරිනැමීම ද අවලංගු කර ඇති බව ඔහු ප්‍රකාශ පවසා තිබේ.
අමාත්‍යවරයා පැවසුවේ, ත්‍රිවිධ හමුදා හා පොලිස් ආචාර පෙළපාලියට සහභාගි වන භට සංඛ්‍යාව ද අඩු කර ඇති බව ය.
තවද හමුදා පෙළපාලියේදී සන්නද්ධ රථ ප්‍රදර්ශනය කිරීම ද මෙවර නිදහස් සමරු උළෙලේදී සිදු කෙරෙන්නේ නැත.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ගුවන් සංදර්ශන ද සීමා කර ඇති බවයි.
මෙවර නිදහස් සමරු උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ලබන මස 04 වැනි දා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිත බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න ප්‍රකාශ පවසා තිබේ.
(චම්ලි මදුහංස)