20 C
Sri Lanka
Friday, January 24, 2025

ලොස් ඇන්ජලීස් හි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත

බටහිර අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ආසන්නයෙන් පැතිර යන ළැව් ගිනි තත්ත්වය හේතුවෙන් මේ වනවිට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පැය කිහිපයකින් අක්කර 10 සිට අක්කර 2,900කට වැඩි ප්‍රදේශයකට මෙම ළැව් ගින්න පැතිරගොස් ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි 13,000ක වෙසෙන පුද්ගලයින් 30,000කට වැඩි පිරිසක් කඩිනමින් ආරක්ෂිත ස්ථාන කර යොමු කිරීමට පියවර ගෙන තිබේ.

පලාගිය ඇතැම් පිරිස් සිය රථවාහන පවා අත්හැර දමාගොස් ඇති අතර, එලෙස අත්හැර ගිය රථවාහන හේතුවෙන් ඇතිවූ මාර්ග අවහිරතා ඉවත්කිරීමට බැකෝ යන්ත්‍ර යොදාගැනීමටත් ද බලධාරීන්ට සිදුව ඇත.

බටහිර අමෙරිකාවේ මෙලෙස ළැව්ගිනි ව්‍යාප්තවෙමින් පවතින්නේ, එරට නැගෙනහිර සහ මධ්‍යම කලාපවලට හිම කුණාටු තත්ත්වයක් බලපා ඇති පසුබිමක වීම විශේෂත්වයක්ය.

පැසිෆික් සාගරයට මුහුණලා පිහිටි සුඛෝපභෝගී කලාපයක් වන පැසිෆික් පැලිසේඩ් හි ඇති වූ මෙම ළැව් ගින්න සැන්ටා මොනිකා සිට මාලිබූ කලාපය දක්වා ව්‍යාප්ත වී ඇත.

ලොස් ඇන්ජලීස් ආසන්නයේ පවතින පැයට කිලෝ මීටර් 70ත් 100ත් අතර වේගවත් සුළං ධාරා ගින්න ව්‍යාප්ත වීමට රුකුලක් වී තිබේ.

මේ හේතුවෙන් ශීත සමයේ වුවත් කැලිෆෝනියා හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 21 දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන්ය කර තිබේ.

ළැව් ගිනි නිවීමට ගිනි නිවන සේවකයින් 250ක්, ගිනි නිවන රථ රැසක් මෙන්ම හෙලිකොප්ටර් යානා පහක්ද යොදවා  ඇත  .

කෙසේ නමුත් පිරිස ප්‍රමාණවත් නොමැති බව පවසා නිවාඩු ගොස් සිටි සියලුදෙනාම සේවයට කැඳවීමට ද ලොස් ඇන්ජලීස් බලධාරීන් පියවර ගෙන  තිබේ  .

(චම්ලි මදුහංස)

More news>>>

Latest Articles