බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා සහ සාමාජිකයින් පත්කිරීම අද(08) පෙරවරුවේ සිදුකර තිබේ.
ඒ බත්තරමුල්ල, සෙත්සිරිපාය අමාත්‍යංශ පරිශ්‍රයේදී.
ඒ අනුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි විසින් අදාළ පත්කිරීම් සිදුකර ඇති බව ය.
ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා සහ සාමාජික මණ්ඩලය පහතින්,
සභාපති – කීර්ති වැලිසරගේ
සාමාජික – ආචාර්ය සසංක පෙරේරා
සාමාජික – ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
සාමාජික – නාට්‍යවේදී රුවන්ති ද චිකේරා
සාමාජික – මහාචාර්ය එස්. මෞණගුරු
(චම්ලි මදුහංස)