20 C
Sri Lanka
Friday, January 24, 2025

ලසන්තගේ ආත්මයට සැනසීම ඉල්ලමු!!!

රාජපක්ෂ ආණ්ඩුව සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග අමානුෂික ලෙස ඝාතනයට කර අදට වසර 16කි.

2009 වසරේ ජනවාරි 8 වැනි දා උදෑසන 10.25ට පමණ අත්හිඩිය ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබුණේ එවකට පැවැති ආණ්ඩුවේ දූෂණ වංචා පිළිබඳ දිගින් දිගටම සන්ඩේ ලීඩර් පුවත්පත ඔස්සේ කරුණු හෙළිකරමින් සිටි අවධියක වීම නොරහසකි.

මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර ඇතුළු බොහෝ ප්‍රබල දේශපාලකයන් සමග කිට්ටු සබඳතා පවත්වාගෙන ගිය ලසන්ත ඝාතනය කර අදට වසර 16ක් ගතවුණත් එම නඩුව අවසන් කර ඝාතකයන්ට දඬුවම් දීම මෙතෙක් සිදු නොවීම අවාසනාවකි.

2015 වසරේ රාජපක්ෂ පාලනය අවසන් කර රනිල් මෛත්‍රී හවුල් යහපාලන ආණ්ඩුව බලයට ඒමට ලසන්තගේ ඝාතනය වේදිකාවල පට්ට ගැසූ නමුත්, මංගලලාට තම අතිජාත මිතුරාගෙ ඝාතකයන් පෝරකයට නංවන්නට නොහැකි වුණේ ඇයි දැයි විමතියෙන් බලා සිටි බොහෝ දෙනාට පිළිතුරු ලැබුණේ 2022 වසරේ ය. ඒ ගෝඨාභය ජනතා අරගලයෙන් පන්නා දමද්දී රාජපක්ෂවරුන්ගේ රැකවරණයට රනිල් වික්‍රමසිංහ තෝරාගැනීනේ පසුව ය. දේශපාලනය නම් ලාභ ලබන ව්‍යාපාරය තුළ ලසන්තලාගේ ඝාතන හොඳ අළෙවි භාණ්ඩ බව ඇතැමුන් තේරුම් ගත්තේ පසුව ය.
ජනාධිපතිවරණය කට උඩ තිබිය දී 

2015 ජනවාරි 06 වැනි දා සවස පිටකොටුවේ  දුම්රියපොළ ඉදිරිටට මාධ්‍යකරුවන් කලාකරුවන් එක්වුණේ…චාපලා, සමනලීලා මයික් අරං සිංදු කිව්වේ ජනවාරි 08 මෛත්‍රී ජනපති නොවුණානම් තම ජීවිතවලට අත්විය හැකි ඉරණම ගැන ද නොසිතා ය.

දින කිහිපයකින් ඇමැතිකම් ගත් මංගලලා, රවීලා ඇතුළු ලසන්තගේ බොහෝ මිතුරන් ලසන්ත සිහි කරන්නට දිනය අමතක නොකර බොරැල්ල කනත්තේ සොහොන් කොත ළඟට ආවත්, ඔහුගේ මරණයට සැනසීම ගෙනෙන්නට ඔවුන්ට නොහැකි වූයේ ඇයි දැයි පසුව බොහෝ දෙනා දැනගත්තාට සැක නැත. 

කාලය ගෙවී ගොස් හමාරය…

පරණ තැටියම වාදනය කරන්නට වුවමණා නැත. දැන් ඇත්තේ නව බලාපොරොත්තුවකි. නව ආණ්ඩුව ලසන්තලාගේ මරණවලට සාධාරණය ඉටු කරනතුරු විශ්වාසයෙන් දෑස් දල්වා බලාහිඳීමු!!!

සටහන – ජනක බලල්ල

More news>>>

Latest Articles