19.3 C
Sri Lanka
Friday, January 24, 2025

උණ්ඩියල් – හවාලා ක්‍රම ගැන හර්ෂගෙන් යෝජනාවක්

උණ්ඩියල් ක්‍රමය සහ හවාලා ක්‍රමය ශ්‍රී ලංකාව තුළ අනීතික නොවන බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පවසා ඇත.

අද (08) පාර්ලිමේන්තුවේදී යෝජනා කිහිපයක් ඉදිරිපත් කරමින් ඒ බව සඳහන් කර තිබේ.

“හවාලා සහ උණ්ඩියල් කියන ක්‍රමය අපේ රට තුළ අනීතික නැහැ. නමුත් එය කිසිම විදිහකට නියාමනය වෙන්නනේ නැහැ. ඒ නිසා යෝජනාවක් කරලා තියෙනවා  2024 ජුනි සිට 2025 මැයි කියන මාස 12 ඇතුළේ මේ හවලා සහ උණ්ඩියල් ක්‍රමයට මුදල්වල වටිනාකම අන්තර් ජාතිකව ගණුදෙනු කරන අය ලියාපදිංචි වෙන්න ඕනේ කියලා ඒ සම්බන්ධයෙන් තමයි යෝජනාව තියෙන්නේ. කාරක සභාව මේ පිළිබඳව මහ බැංකුවෙන් ඉල්ලා සිටියා ගැඹුරු සමාලෝචනයක් කරලා ඉදිරිපත් කරන්න කියලා වාර්තාවක්. එය සම්මතකරලා ඉදිරිපත් කරලා තියෙනවා පාර්ලිමේන්තුවට.”

(චම්ලි මදුහංස)

More news>>>

Latest Articles