මේ වසරේ මැද භාගය වනවිට මෙරට උද්ධමනය ස්ථාවර මට්ටමකට පැමිණෙනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසා තිබේ.
මහ බැංකු අධිපතිවරයා මේ අදහස් පළ කළේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 නව වසර සඳහා වන ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීමේ අවස්ථාවට අද (08) එක්වෙමිනි.
75 වසරක් සපිරෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 නව වසර සඳහා වන ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීම අද පෙරවරුවේ සිදුකෙරුණේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රධානත්වයෙනි.
එහිදී ඔහු වැඩිදුරටත් අදහස් පල කලේ,
“2025 මැද භාගව වනවිට උද්ධමනය නැවතත් ධානාත්මක කලාපයකට පැමිණෙයි. මුදල් අමාත්‍යංශය සමග එකඟ වූ ආකාරයට 5%ක ප්‍රතිශතයක ස්ථාවර වේවි. 2025 වසර මුල භාගයේ දී නිවැරිදි කිරීමක් ලෙස අවධමනයක් ද වාර්තා වියහැකියි. පුද්ගලික අංශයේ ණය ප්‍රකෘතිමත් වීම තවදුරටත් අඛණ්ඩව සිදුවේවි. රජයේ වාර්තාමය ප්‍රතිපත්ති ඊට සහායක් වේවි. ව්‍යාපාරික හිතවාදී වාතාවරණය ඊට බලපාන සාධකයක් දේශීය මිල ගණන්වලට බලපාන බාහිරි අවදානම් අවමවීමක් ද බලාපොරොත්තු විය හැකියි.”
(චම්ලි මදුහංස)