20 C
Sri Lanka
Friday, January 24, 2025

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත් ඇගයීම අද ඇරඹේ

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද(08) ආරම්භ වේ.

එය ලබන 12 වැනි දා දක්වා සිදු කෙරෙනු ඇති.

ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කර ඇත.

ආන්දෝලනයට තුඩුදුන් ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිටවී ඇතැයි කියන ප්‍රශ්න 03ට සියලු අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ලබා දීමට පසුගිය දා තීරණය කළේ ය.

පසුගිය සැප්තැම්බර් 15 වැනි දා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් විභාගයට පෙර පිට වී ඇති බව පවසමින් විභාග වූ නඩුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළේ, පසුගිය 31 වැනි දා ය.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේ, ආන්දෝලනයකට තුඩු දුන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3කට නිදහස් ලකුණු දීම, ප්‍රශ්න 3 කප්පාදු කිරීම සහ සම්පූර්ණ විභාගය යළි පැවැත්වීම යන නිර්දේශ 3 අතරින් සුදුසුම නිර්දේශය තෝරාගෙන එය වහාම ක්‍රියාත්මක කරන ලෙස ය.

ඒ අනුව  වඩාත් සාධාරණ හා සුදුසුම විසඳුම අදාළ ප්‍රශ්න තුන සඳහා සියලුම විභාග අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ප්‍රදානය කිරීම බව විභාග දෙපාර්තමේන්තුව පසුගිය 01 වැනිදා පස්වරුවේ නිවේදනය කළේ ය.

(චම්ලි මදුහංස)

More news>>>

Latest Articles