20 C
Sri Lanka
Friday, January 24, 2025

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 11 දෙනෙකුට ස්ථාන මාරු

ජාතික පොලිස් කොම්ෂන් සභාවේ අනුමැතිය පරිදි වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 11 දෙනෙකුට ස්ථාන මාරු ලබා දී ඇත.

ඒ අනුව ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන ,
ඩබ්.වී ගිනිගේ – මාතර කොට්ඨාශ බාර නිලධාරී ලෙසත් ,
කේ.ඩී.ජේ.එල්.ඒ ධර්මසේන – මීගමුව කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් ,
බී.ඩී.ටී.පී.ඒ වීරසිංහ – තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත් ,
ආර්.ජී.ඒ.බී ගුණතිලක – කැලණිය කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් ස්ථාන මාරු ලබා දී තිබේ.

එමෙන්ම ,
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්.ආර් ගමගේ අපරාධ වින්දිතයන්ට හා සාක්කිකරුවන්ට සහායදීමේ හා ආරක්ෂාව සැපයීමේ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත් ,
ඩී.එස්.අයි.ඒ අමරසිංහ පාර්ලිමේන්තු කොට්ඨාශ අධ්‍යක්ෂ ලෙසත් ,
මංගල වික්‍රමනායක මාතලේ කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් ,
කේ.එම්.ඊ පෙරේරා පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙසත් ,
එච්.ජී.ඩී.එස් අමරසිංහ අම්පාර කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් මාරු කර ඇත.

තවද ,
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්.ඒ සෝමරත්න වවුනියාව කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් ,
ටී.එච්.ඊ.එල් පෙරේරා ගම්පොළ කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් ස්ථාන මාරු සිදුකොට තිබේ.

(චම්ලි මදුහංස)

More news>>>

Latest Articles