20 C
Sri Lanka
Friday, January 24, 2025

අද කාලගුණය

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද(07) නිවේදනය කළේ  උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල  ස්වල්පයක වැසි ඇති විය හැකි බව ය.

තවද, දකුණු සහ සබරගමුව පළාත්වල  සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලයි.

(චම්ලි මදුහංස)

More news>>>

Latest Articles