20.7 C
Sri Lanka
Friday, January 24, 2025

මහ මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ටත් නඩු පැවරීමට පියවර

මහ මැතිවරණයට අදාළව අදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂයින් සම්බන්ධයෙන් වන ලිපි ගොනු සම්පූර්ණ කර නීතිමය කටයුතු සඳහා හැකි ඉක්මනින් පොලීසියට ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට දැනුම් දී තිබේ.

අදායම් වියදම් වාර්තා භාර දීම සඳහා සහන කාලයක් ලබා දී තිබූ අතර එම කාලය අවසන් ව ඇතත් අපේක්ෂකයින් පිරිසක් ආදායම් වාර්තා ලබා දී නොමැති බවත් වාර්තා වේ.

ඒ අනුව ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ට එරෙහිව නීතියම ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතින බව මැතිවරණ කොමිසම පවසයි.

මේ අතර ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් ජනාධිපතිවරණ අපේකෂයින් 5 දෙනෙකුට එරෙහිව එලැඹෙන සතියේදී නඩු පැවරීමට පියවර ගෙන ඇත.

ජනාධිපති අපේක්ෂයින් 12 දෙනෙකු ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැති අතර ඔවුන්ගෙන් 7 දෙනෙකුට මේ වන විට නඩු පවරා තිබේ.

(චම්ලි මදුහංස)

More news>>>

Latest Articles