මුදල් කාරක සභාවට නව සාමාජිකයින් පත් කර තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුරංග අබේසිංහ, ෂානක්කියන් රාසමාණික්කම්, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඊල්ලෙයාස් යන අය පත් කිරීමට පියවර ගෙන ඇත.
අද (07) ආරම්භ වුණු නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ආරම්භ වුණු අතර එහිදි කථානායකවරයා විසින් මෙම පත් කිරීම් පිළිබඳ නිවේදනය සිදුකරනු ලැබ තිබේ.
මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මින් පෙර පත් කෙරිණි.
(චම්ලි මදුහංස)