20 C
Sri Lanka
Friday, January 24, 2025

ජපානයෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය සහ තාක්‍ෂණික සහාය

ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ උප සභාපති හාරා ෂෝහෙයි පවසා තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂෝහෙයි අතර ජනාධිපති කාර්යාලයේ අද (07) පැවති හමුවේදී මේ බව සඳහන් කර ඇත.

තවද ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පර්යන්තයේ  සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා  කර  ඇත.  

එමෙන්ම ජයිකා ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සියලු ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද මෙහිදී සඳහන්  තිබේ .  

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජපානය ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය මෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදීමට ජයිකා සංවිධානය බලාපොරොත්තු වන බව හාරා ෂෝහෙයි වැඩිදුරටත්  අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන  “Clean Sri Lanka”  වැඩසටහන පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ උප සභාපතිවරයා  එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට සූදානම් බවද  පවසා   තිබේ .

තවද  මෙරට ප්‍රවාහන පද්ධතිය ප්‍රතිසංස්කරණය සහ නගර පවිත්‍රකරණ කටයුතු  සඳහා එම සංවිධානය මගින් ලබාගත හැකි මූල්‍ය සහ භෞතික සහාය පිළිබඳව ද මෙම හමුවේ දී  වැඩිදුරටත්  සාකච්ඡා  කර ඇත.

(චම්ලි මදුහංස)

More news>>>

Latest Articles