ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයා සතු වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළා.
පසුගිය කාලයේ රාජතාන්ත්‍රික සේවාවන්හි නිරත නිලධාරීන් ශ්‍රී ලංකාවේ නාමය අපකීර්තියට පත් කළ අවස්ථා තිබූ බවත්, නව පත්වීම් ලබා ගන්නා රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවන බවත් ජනාධිපතිවරයා දී තිබේ.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ විදෙස් තානාපති සේවය සඳහා නව රාජ්‍ය තාන්ත්‍රිකයින් පත් කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ අද (07) පැවති සාකච්ඡාවේ දී.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට සපයනු ලබන සේවාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරන ලෙසත්, එම රටවල සිටින සියළු ශ්‍රී ලාංකිකයන්ට සේවා සැපයීමේදී ඒ සඳහා මූලිකත්වය දෙමින් කිසිදු භේදයකින් තොරව සාධාරණව කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා නව රාජ්‍ය තාන්ත්‍රිකයන්ට උපදෙස් ලබා දී තිබේ .
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සිටින මැද පෙරදිග, දකුණු කොරියාව සහ ජපානය වැනි රටවල රාජ්‍යතාන්ත්‍රික සේවා සැපයීමේදී වැඩි අවධානයක් යොමු කළ යුතු බවද මෙහිදී සාකච්ඡා කර ඇත.
ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා තිබෙන අවස්ථා ප්‍රමාණය වැඩි කර ගැනීම මෙන්ම ශ්‍රී ලංකාවේ සිටින ආයෝජකයන්ට නව වෙළඳපොළ අවස්ථා සොයා ගැනීම රාජතාන්ත්‍රික සේවාව හරහා සිදු කළ හැකි බව ජනාධිපතිවරයා පවසා තිබේ .
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා සෘජු විදේශ ආයෝජන කැඳවා ගෙන ඒම තානාපතිවරයාට පැවරෙන ප්‍රධාන වගකීමක් බවත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට රජය සූදානම් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක විදේශ තානාපති සේවය සඳහා තානාපතිවරු 04 දෙනෙකු සහ මහ කොමසාරිස්වරයකු පත්කර තිබේ.
රාජ්‍ය තාන්ත්‍රික සේවයේ වසර විස්සකට වඩා පළපුරුද්ද හා අත්දැකීම් සහිත නිලධාරීන් පිරිසක් මෙලෙස නව රාජ්‍ය තාන්ත්‍රිකයින් ලෙස පත්කර ඇත.
ඒ අනුව,
කටාර් රාජ්‍ය යේ තානාපති – ආර්.එස්.ඛාන් අසාඩ්
රුසියානු තානාපති – එස්.කේ. ගුණසේකර
කුවේට් තානාපති – එල්.පී. රත්නායක
ඊජිප්තු තානාපති – ඒ.එස්.කේ. සෙනෙවිරත්න
නවසීලන්ත මහ කොමසාරිස් – ඩබ්ලිව් .ජී.එස්. ප්‍රසන්න පත්කර තිබේ .
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක , ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන අය මෙම අවස්ථාවට එක්ව සිටියා.
(චම්ලි මදුහංස)