20 C
Sri Lanka
Friday, January 24, 2025

ශ්‍රී ලංකාව වියට්නාමය අතර ගිවිසුමක්

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාව හා අන්‍යෝන්‍ය සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාව හා අන්‍යෝන්‍ය සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීම පිණිස 2021-11-23 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති නමුත් අදාළ ගිවිසුමට මෙතෙක් අත්සන් තබා නැත.

යෝජිත ගිවිසුම මඟින් දෙරට අතර වෙළෙඳ ගනුදෙනුවල පිරිවැය අඩු කිරීම, දේශසීමා මායිම් ආශ්‍රිත බදු නිරවද්‍ය ආකාරයෙන් ගණනය කිරීම හා එක්රැස් කිරීම, සීමා කිරීම් වලට යටත් භාණ්ඩ හුවමාරු වීම තහනම් කිරීම, සීමා කිරීම ස පාලනය කිරීම සම්බන්ධිත රෙගුලාසි පැනවීම යන අරමුණු ඉටු කර ගැනීමට අපේක්ෂා කර ඇත.

දෙපාර්ශ්වය විසින් එකඟ වී ඇති ගිවිසුම සඳහා නීතිපතිගේ අවසරය ලැබී ඇති අතර ඒ අනුව, ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර එකී ගිවිසුම අත්සන් තැබීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර  තිබේ.

(චම්ලි මදුහංස)

More news>>>

Latest Articles