20 C
Sri Lanka
Friday, January 24, 2025

2025/27 Test World Cup කාලසටහන නිකුත් වෙයි

2025 – 2027 ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ජුනි මාසයේදී ඉන්දියාව හා එංගලන්තය අතර එංගලන්තයේදී පැවැත්වෙන තරග 05 කින් යුත් ටෙස්ට් තරගාවලියත් සමග 2025- 2027 ලෝක ටෙස්ට් ශූරතාවලිය ආරම්භ වීමට නියමිත.

ශ්‍රී ලංකා  කණ්ඩායම මෙරට දී හා විදෙස් රටවල දී තරගාවලි 03 බැගින් ක්‍රීඩා කිරීමට නියමිත අතර, මෙරට දී ඉන්දියාව, දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශය යන කණ්ඩායම්වලට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

ඊට අමතරව නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් හා පාකිස්තානය යන රටවල සංචාරවල නිරත වීමටද නියමිත ය.

(චම්ලි මදුහංස)

තරගාවලි කාලසටහන පහතින්.

More news>>>

Latest Articles