බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මගී අයිතිවාසිකම් ලැයිස්තුවක් සකස් කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දිලීප විතාරණ සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් බස් රථ සංගම් සහ මගී සංගම් සමග සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹීමට නියමිත බව ය.
බස් රථ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ලබාදෙන ධාවන බලපත්‍රවල අඩංගු කොන්දේසි මෙන්ම පළාත් සභාවලින් බස් රථ ධාවන බලපත්‍ර නිකුත් කිරීමේ දී අඩංගු කොන්දේසි සියල්ල එක්කර ගනිමින් මෙම මගී අයිතිවාසිකම් ලැයිස්තුව සකස් කරන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
(ජනක බලල්ල)