20.7 C
Sri Lanka
Friday, January 24, 2025

රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස නිමල් ආර්. රණවක පත්කරනු ලැබ තිබේ.

රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස මහාචාර්ය ආර්. එම්. ඩ්බ්ලිව්. රාජපක්ෂ, මහාචාර්ය ජෝසප් යෝගරාජා (Stanislaus Joseph Yogarajah) සහ ලරීනා අබ්දුල් හක් (Lareena Abdul Haq) පත්කර තිබේ .

මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අතින් ජනාධිපති කාර්යාලයේ දී අද (06) පිරිනමා ඇත .

(චම්ලි මදුහංස)

More news>>>

Latest Articles