හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොයුරු තිසර නානායක්කාර ජනවාරි 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කර ඇත.
ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂණ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුගේ මෙම ජාවාරමට තවත් පුද්ගලයන් සහාය දක්වා ඇති ද යන්න පිළිබඳව විමර්ශන සිදුකරයි.
(චම්ලි මදුහංස)