20 C
Sri Lanka
Friday, January 24, 2025

මෙරට ක්‍රීඩා සහ තරුණ කටයුතු ක්ෂේත්‍රය නංවන්න ඉන්දියාවේ සහාය

ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් කොන්දේසි විරහිතව සහයෝගය ලබා දෙන බව ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) පවසයි.

ඉන්දියානු මහකොමසාරිස්වරයා මේ බව පවසා ඇත්තේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සමග අද (06) එම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදීය.

එහි දී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්‍රීඩා කටයුතු දියුණු කිරීම සඳහා සහයෝගය ලබාදෙන බව ය.

විශේෂයෙන්ම තරුණ කටයුතු ක්ෂේත්‍රයේ දෙරට අතර සම්බන්ධතා ඉදිරියේ දී තහවුරු කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා මෙරට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට ඉන්දියානු තරුණ කටයුතු අංශයට පැමිණෙන ලෙස ආරාධනා කරන බවත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත.

(චම්ලි මදුහංස)

More news>>>

Latest Articles